.webp)
COLOMBO (News 1st) - කල්ලංචිය, කනදරාව කුඹුරු ඉඩම් වල දමා තිබූ T56 පතුරම් 46 ක් සොයා ගෙන තිබේ.
පොලිසිය පැවසුවේ, 119 හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව ඊයේ පස්වරුවේ එම පතුරම් තොගය සොයාගත් බවය.
එම පතුරම් තොගය පොලීසිය විසින් සොයා ගන්නා අවස්ථාවේ තරමක් දිරාපත්ව තිබූ බව පොලිසිය පැවසුවේ ය.