.webp)
COLOMBO (News 1st) - කඳාන ප්‍රදේශයෙන් සොයාගත් ද්‍රව්‍ය පිළිබඳ පර්යේෂණ වාර්තාව මේ සතිය තුළ නිකුත් කරන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි.
එම මණ්ඩලය පැවසුවේ දැනට එම රසායනික ද්‍රව්‍ය පිළිබඳ රසායනාගාර පරීක්ෂණ සිදුකෙරෙමින් ඇති බවයි.
මීට පෙර මිද්දෙණිය සහ තංගල්ල නෙටොල්පිටිය ප්‍රදේශවලින් සොයා ගත් රසායනික, මෙතැම්ෆෙටමීන් හෙවත් අයිස් බවට තහවුරු වී ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සඳහන් කරන ලදි.
වැලිගම ප්‍රදේශයේ දී මෝල්ඩෝවා ජාතිකයෙකු සතුව තිබී සොයාගත් ද්‍රව්‍යද, මෙෆඩ්රෝන් නැමති භායානක විෂ මත්ද්‍රව්‍ය බවට තහවුරුවී ඇතැයි
අන්තරයාකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය තහවුරු කළේ ය.
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් අපරාධකල්ලි සාමාජිකයින්ගෙන් හෙළි වූ තොරතුරු මත පසුගියදා මිද්දෙණිය, තංගල්ල නෙටොල්පිටිය සහ කඳාන යන ප්‍රදේශවලින් අයිස් මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන රසායනික ද්‍රව්‍ය තොගයක් සොයා ගත් අතර ඒවා පරීක්ෂා කිරීම සදහා සාම්පල යොමුකෙරුණේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයටයි.