.webp)
එහි මාධ්‍ය ප්‍රකාශක, ධම්මික විමලරත්න මහතා සදහන් කළේ, තද සුළං තත්වයත් සමග රැහැන් පද්ධතියට ගස් කඩා වැටීම හේතුවෙන් විදුලිය බිඳ වැටීම් වාර්තා වන බවයි.
විදුලි බල වෘත්තීය සමිති මේ වන විට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වේ.
ඒ හේතුවෙන් බිඳ වැටීම් යථා තත්වයට පත් කිරීම ප්‍රමාද විය හැකි බව, විදුලි බල මණ්ඩල ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත මහතා සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති උදයංග හේමපාල මහතා සදහන් කළේ, බාධාවකින් තොරව එම කටයුතු සිදු කෙරෙන බවයි.