ගාසා සාම සැලැස්මට හමාස් සංවිධානයෙන් සුබ ප්‍රතිචාර

ගාසා තීරයේ සාම සැලැස්මට හමාස් සංවිධානය සුබවාදී ප්‍රතිචාරයක් දක්වයි..

by Staff writer 04-10-2025 | 6:57 AM

COLOMBO (News 1st) - ගාසා තීරයේ සාම සැලැස්මට හමාස් සංවිධානය සුබවාදී ප්‍රතිචාරයක් දක්වා තිබේ.

දැනට හමාස් සංවිධානය, සිය භාරයේ සිටින ඊශ්‍රායල සිරකරුවන්ද නිදහස් කිරීමට එකඟවී ඇති බව විදෙස් වාර්තා පැවසුවේ ය.

කෙසේ නමුත් සාම සැලැස්මේ අඩංගු යම් කරුණු පිළිබඳ තවදුරටත් සාකච්ඡා කළ යුතු බවද ඔවුන් පවසයි.

මේ අතර එම ප්‍රතිචාරය පිළිබඳ අදහස් දක්වමින් සිය සමාජ මාධ්‍ය තුළ සටහනක් තබමින් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණේ දීර්ඝ කාලීන සාමයකට හමාස් සංවිධානය සූදානම් බවයි.

මේ එකඟ වීම හේතුවෙන් ඊශ්‍රායලය ගාසා තීරයට බෝම්බ හෙලීම වහාම නතර කළ යුතු බව ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසා තිබේ.

ඒ එවිට ප්‍රාණ ඇපකරුවන් ආරක්ෂිතව සහ ඉක්මනින් පිටතට ගත හැකි බව පවසමිනි.

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම, ගාසා තීරයේ සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම ඇතුලු කරුණු 20 කින් සමන්විත යෝජනාවලිය, පසුගිය සඳුදා අමෙරිකාව ප්‍රකාශයට පත් කළේ ය.