තොරතුරු ලබා දීමට පොලීසියෙන් තවත් දුරකථන අංක කිහිපය

විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට පොලීසියෙන් මහජනයාට තවත් දුරකථන අංක කිහිපයක්...

by Staff writer 03-10-2025 | 8:47 PM

COLOMBO (News 1st) -  විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට පොලීසිය ජනතාවට තවත් නව දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබේ.

පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් යටතේ සිටින දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ කොට්ඨාශ භාර ජ්‍යේෂ්ඨ නිලධාරීවරුන් එම දුරකථන අංක වලින් සෘජුව සම්බන්ධ කර ගැනීමට හැකිය.

මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරිමට ජනතාව ලබා දෙන තොරතුරු වල රහස්‍ය භාවය ආරක්ෂා කිරිමට කටයුතු කරන බව පොලිසිය අවධාරණය කරනු ලබයි.