.webp)
එම දිනය සැමරෙන්නේ මධ්‍යසාර හේතුවෙන් ජනතාවගේ සෞඛ්‍යයට හා සාමාජීය වශයෙන් සිදුවන බලපෑම පිළිබඳ අවධානය යොමු කිරීම සඳහායි.
ඒ අනුව මෙම දිනය පාදක කර ගනිමින් මධ්‍යසාර භාවිතයේ ආදීනව පිළිබඳ ජනතාව දැනුවත් කිරිමේ පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වේ.
දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද රත්නායක මහතා සඳහන් කළේ, මෙරට ජනතාගෙන් 21% ක් මධ්‍යසාර භාවිත කරන බවයි.
මධ්‍යසාර භාවිතය හේතුවෙන් වසරකට මරණ 22000 ක් පමණ වාර්තා වන බවද ඔහු ප්‍රකාශ කළේ ය.
අමද්‍යප දිනය හේතුවෙන් අද දිනයේ දිවයිනේ සියලු සුරාසැල් වසා තැබේ.