.webp)
COLOMBO (News 1st) - අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට නිට්ටඹුව උදම්මිට ප්රදේශයේදී පොලීසිය වෙඩි තබා තිබේ.
පොලීසිය සඳහන් කළේ ගම්පහ ෙකොට්ඨාසයේ විශේෂ යතුරු පැදියකින් අද අලුයම එම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.
එහිදී අධික ලෙස බීමත් ව සිටි වෑන් රථයේ රියදුරු අතුලු සැකකරුවන් තිදෙනෙකු පොලිස් භාරයට ගෙන ඇත.
අත් අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 38 සහ 43 හැවිරිදි ලෙල්ලවපිටිය සහ රත්නපුර ප්රදේශවල පදිංචිකරුවන් තිදෙනෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිසිය වැඩි දුර විමර්ශන ආරම්භ කර තිබේ.