අධිවේගී මාර්ගවල රිය අනතුරුවලින් මියගිය ගණන 12ක්

වසරේ මේ දක්වා කාලය තුළ අධිවේගී මාර්ගවල රිය අනතුරුවලින් මියගිය ගණන 12ක් - අධ්‍යක්ෂ, මාර්ග සංවර්ධන අධිකාරිය ⁠

by Staff writer 30-09-2025 | 9:15 AM

COLOMBO (News 1st) -  2025 වර්ෂයේ මේ දක්වා කාලය තුළ අධිවේගී මාර්ගවල රිය අනතුරුවින් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කේ.ඩබ්ලිව් කන්ඩම්බි මහතා සදහන් කලේ 2024 වර්ෂයේ පමණක් පුද්ගලයින් 19 ක් මියගොස් ඇති බවය.

මෙම අනතුරු බොහොමයකට හේතුවී ඇත්තේ තාක්ෂණික ගැටළු, නොසැලකිලිමත් රිය ධාවනය හා රියදුන්ට නින්දයාම.

අධිවේගි මාර්ගවල රිය අනතුරුවලින් 2011 වර්ෂයේ සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 122 මියගොස් ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරන ලදි.