.webp)
COLOMBO (News 1st) - ලංකා විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද 26 වැනි දිනටත් ක්‍රියාත්මක වේ.
එම වෘත්තීය සමිති පසුගිය 4 වැනිදා සිට අකුරට වැඩකිරිමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹුනේ ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ඉල්ලීම් 24 ක් ඉදිරිපත් කරමිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, පොදුජන පෙරමුණ ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂවලට සෘජුව සම්බන්ධ වෘත්තීය සමිති ඇතුළු වෘත්තීය සමිති 25 ක් ඊට එක්ව සිටී.
ප්‍රමාද වූ උසස්වීම් සහ හිග වැටුප් ලබා ගැනීම, තාවකාලිකව වැටුප සදහා ගෙවනු ලබන රුපියල් 10 000 ක දීමනාව 2023 දෙසැම්බර් 31 වන දිනට පැවති මූලික වැටුපට එක් කිරීම, එම මූලික වැටුප පදනම් කර ගනිමින් 2024 ජනවාරි පළමුවනදා සිට හිමිවිය යුතු සීයයට 25 ක වැටුප් වැඩි වීම හිග වැටුප් සමග ලබා ගැනීම එම ඉල්ලීම් අතරින් කිහිපයක්.
වෘත්තීය සමිති පසුගියදා සියලුම ප්‍රසම්පාදන කටයුතුවලින් ද ඉවත්වුණි.
සිය ඉල්ලීම් ලබා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තරයේ සහාය ලබාගන්නා බව ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමය ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත මහතා පැවසුවේ ය.
ජනතාව සඳහා අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම වෙනුවෙන්, විදුලි බල සේවකයින්ගේ නිවාඩු ද අවලංගු කෙරුණි.
විදුලිබල සැපයීමට අදාළ සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවා බවට ප්‍රකාශයට පත්කරමින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය මේ වනවිටත් බලාත්මකයි.