.webp)
ඒ ඔහු තමා සිදු කළ අපරාධ පිළිබඳව පාපොච්චාරණය කිරීම හේතුවෙන් ය.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ජිලින් පළාතේ අධිකරණයක් විසින් මෙම මරණ දඩුවම ලබා දී තිබෙන්නේ අල්ලස් ලබා ගැනීමේ චෝදනාවකට වරදකරු කරමින් ය.
ඔහු අමෙරිකානු ඩොලර් මිලියන 37.6 කට වැඩි මුදල් හා දේපළ අල්ලස් ලෙස ලබා ගෙන ඇති බව අනාවරණය වී තිබේ.
ඒ ඔහු විවිධ රාජ්‍ය තනතුරු දරමින් සිටි 2007 වසරේ සිට 2024 දක්වා කාලය තුළයි.
පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී චීන කොමියුනිස්ට් පක්ෂය විසින් ටැන්ග් නෙරපා හැරියේ ය.
ඒ මෙම කරුණු පිළිබඳව දූෂණ විරෝධී නිරීක්ෂණ ආයතනය විසින් විමර්ශනයට ලක් කර ඔහු තනතුරෙන් ඉවත් කිරීමෙන් මාස හයකට පසුවයි.
ටැන්ග් 2017 වසරේ සිට 2020 දක්වා බටහිර ගන්සු පළාතේ ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කර තිබේ.
ඉන් අනතුරුව කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු අමාත්‍යවරයා ලෙසද ඔහු කටයුතු කළේ ය.