දකුණු කොරියා රාජ්‍ය ආයතනවල Online සේවා බිඳ වැටෙයි

රාජ්‍ය දත්ත මධ්‍යස්ථානයේ ගින්නකින්, දකුණු කොරියා රාජ්‍ය ආයතනවල Online සේවා බිඳ වැටෙයි..

by Staff writer 27-09-2025 | 6:20 PM

COLOMBO(News1st) -දකුණු කොරියාවේ රාජ්‍ය Online සේවා බිඳ වැටී තිබේ.

ඒ, රාජ්‍ය දත්ත මධ්‍යස්ථානයේ පස්වැනි මහලේ පරිගණක බැටරියක් පුපුරා යාමත් සමග ඇතිවූ ගින්නකින් ය.

Online තැපැල් සේවා, පොදු ප්‍රවාහන සේවා ඇතුළු රාජ්‍ය සේවාවන් 647ක ඉන් බලපෑම් එල්ල වී තිබේ.  

ඒ හේතුවෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය, මුදල් අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය වෙබ් අඩවි කිහිපයකට ප්‍රවේශ විය නොහැකියි.

ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවන බටයින් 200 ක් පමණ යොදවා තිබේ.  

දකුණු කොරියා රජය නිවේදනය කළේ, බිඳ වැටුණු ඔන්ලයින් සේවා කඩිනමින් යථා තත්වයට පත් කරන බවයි.