අදත් 100mmට වැඩි තද වැසි

අදත් 100mmට වැඩි තද වැසි..

by Staff writer 26-09-2025 | 9:19 AM

COLOMBO (News 1st) - අදත් ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, වයඹ සහ ගාල්ල මාතර මෙන්ම, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් 100mmට වැඩි තද වැසි ඇති විය හැකි බව එහි අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කරන ලදි.

තද වැසි ඇතිවන අවස්ථාවල බෑවුම් සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව සැලකිලිමත් වන ලෙසද ඔහු ඉල්ලීමක් කළේ ය.

මේ අතර අධික වර්ෂාවත් සමග කළුතර ගාල්ල  මාතර හා රත්නපුර දිස්ත්‍රික්වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇගවීම් කෙරුණි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ අද (26) පස්වරුව දක්වා එම අනතුරු ඇගවීම් බලාත්මක බවයි.