ගෝලීය රෝග මර්දනයට බිල් ගේට්ස් ගෙන් මිලියන 912ක්

ගෝලීය රෝග මර්දනයට බිල් ගේට්ස් ගෙන් මිලියන 912ක්

by Staff writer 23-09-2025 | 11:37 AM

COLOMBO(News1st) -  ඒඩ්ස්, ක්ෂය රෝගය සහ මැලේරියාව ආදී රෝග මර්දනය සඳහා වන ගෝලීය අරමුදලට මිලියන 912ක් ලබා දෙන බව සුප්‍රකට ධනපති බිල් ගේට්ස් පවසනවා.

ඒ, රටවල් කිහිපයක් ගෝලීය සෞඛ්‍ය සඳහා වන අරමුදල් කප්පාදු කර ඇති පසුබිමකයි.

එම අරමුදල් කප්පාදු අවලංගු කරන ලෙස ද ඔහු එම රජයන්ගෙන් ඉල්ලා තිබෙනවා.

ඔහු පවසන්නේ අරමුදල් අධික ලෙස පහත වැටුණහොත් ගෝලීය රෝග හේතුවෙන් මිලියන ගණනක් දරුවන් මිය යාමේ අවදානමක් ඇති බවයි.