.webp)
COLOMBO (News 1st) - ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතාට වසර දෙකක සිර දඬුවම් ලබා දීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) නියෝග කළේ ය.
ඉකුත් පාලන සමයේ විද්‍යුත් විසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් හර්ෂ ඉලුක්පිටිය මහතාට එරෙහිව විභාග කළ නඩුවට අදාලව දඩුවම් නියෝග ප්‍රකාශයට පත්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරන ලදි.
නියෝගය යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත්කළේ ය.
තමන්ට එරෙහිව ඇති චෝදනාව සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව වරද පිළිගන්නා බව පසුගිය ජුලි පළමුවැනිදා ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කරන ලදි.
නඩු විභාගයේදී චෝදනාවන්ට තමා "නිවැරදිකරු" බව සඳහන් කරමින් ඉදිරිපත් කළ විත්තිවාචිකය ඉවත් කරගන්නා බව ඔහු එදින අධිකරණයට දැනුම් දුන්නේ ය.
ඒ අනුව වගඋත්තරකරුගේ ප්‍රකාශය සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල වගඋත්තරකාර ආගමන හා විගමන පාලකවරයාට දඬුවම් නියම කිරීම අද දින සිදුකිරීමට දින නියම කරන ලදි.