ශෂීන්ද්‍ර රාජපක්ෂ යළි රිමාන්ඩ්..

ශෂීන්ද්‍ර රාජපක්ෂ යළි රිමාන්ඩ්..

by Staff writer 22-09-2025 | 2:39 PM

COLOMBO (News1st) - හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සැප්තැම්බර් 30 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළේ ය.  

ඔහු රක්ෂිත බන්ධනාගාරගතව සිටින්නේ, පොදු දේපල පනත යටතේ ගැනෙන වැරදි සිදු කිරීමේචෝදනා මතයි.

අද  සැකකරුගේ ඇප නියෝගය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබු අතර, එය ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ, ඇප දීමට ප්‍රමාණත් වන අන්දමින් කිසිදු කරුණක් තෘප්ත වී නොමැති බවයි

ඒ අනුව සැකකරු යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේ ය.