T56 ගිනි අවියක් හා රිවෝල්වර් 5ක් සොයා ගැනේ

තංගල්ල ප්‍රදේශයේ ලොරියක තිබී T56 ගිනි අවියක් හා රිවෝල්වර් 5ක් සොයා ගැනේ.

by Staff writer 22-09-2025 | 4:04 PM

COLOMBO(News1st) - තංගල්ල, කදුරුපොකුන ප්‍රදේශයේ නවතා තිබු ලොරියේ තිබී T 56 ගිනි අවියක් හා රිවෝල්වර් 5ක් සොයා ගෙන ඇතැයි පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ, එම ලොරියේ තිබී අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට වැඩි ප්‍රමාණයක්ද සොයා ගෙන ඇති බවයි.

මේ අතර තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ නිවසත තිබී පුද්ගල මල සිරුරු දෙකක් අද(22) පෙරවරුවේ සොයා ගැණුනි.

පොලිසිය සඳහන් කළේ, අදාළ නිවසේ සිටි තවත් අයෙකු ද රෝහල් ගතකිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි.

එම නිවසේ තිබී අයිස් මත්ද්‍රව්‍ය යැයි සැකකරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10ක් ද සොයා ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.