.webp)
ඒ ලද තොරතුරක් මත පොලිසිය කළ සෝදිසි මෙහෙයුමකදී ය.
පොලීසිය සඳහන් කළේ, අදාළ නිවසේ සිටි තවත් අයෙකු ද රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි.
මීට දින කිහිපයකට පෙර එම නිවසේ අයිතිකරු වෙනත් පුද්ගලයෙකුට නිවස පිහිටි ඉඩම අලෙවි කර ඇතැයි පොලීසිය පවසයි.
පොලීසිය අනාවරණ කළේ, ඉඩම මිලදී ගත් පුද්ගලයා, සේවකයින් තුන් දෙනෙකු යොදවා නිවස වටා තාප්පයක් ඉදිකිරීමට කටයුතු යොදා ඇති බවයි.
එම සේවකයින් ඊයේ රාත්‍රියේ නිවසේ මත්පැන් සාදයක් පවත්වා ඇති අතර ඉන් පසුව එක් අයෙකු රෝගී වී රෝහල්ගත කර ඇතැයි සඳහන් ය.
පොලීසිය පැවසුවේ, එලෙස රෝහල්ගත කළ පුද්ගලයාගේ ඥාතියෙකු කළ දැනුම් දීමකට අනුව නිවස පරීක්ෂා කිරීමේදී මියගිය පුද්ගල මළ සිරුරු දෙකක් සොයාගත් බවයි.
එම නිවසේ තිබී අයිස් මත්ද්‍රව්‍ය යැයි සැකකරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10ක් ද සොයා ගෙන ඇතැයි පොලිසිය සඳහන් කළේ ය.
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ ක්‍රියාත්මකයි.