by Staff writer 21-09-2025 | 10:54 AM
COLOMBO(News1st) - හෙම්මාතගම, බලවත්ගම ප්රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ
පොලිසිය පැවසුවේ 21 හැවිරිදි දෙවනගල ප්රදේශයේ පදිංචි තරුණයෙකු එලෙස ඝාතනය කර ඇති බවයි.
පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් ඝාතනයට හේතුවී තිබේ.
ඒ සම්බන්ධයෙන් සැකපිට 23 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය සඳහන් කළේ ය.