කරන්දෙණිය ප්‍රාදේශීයසභාවේ සභාපති අභාවප්‍රාප්ත වෙයි

කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති මහීල් රංගජීව අභාවප්‍රාප්ත වෙයි

by Staff writer 21-09-2025 | 10:57 AM

COLOMBO(News1st) - කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති මහීල් රංගජීව මුණසිංහ මහතා අද උදෑසන අභාවප්‍රාප්තවී තිබේ.

ඒ, ව්‍යායාම කිරීම්වල නිරතව සිටියදීයි.

මියයන විට 47 හැවිරිදි වියේ පසුවු රංගජීව මුණසිංහ මහතා එක් දරු පියෙකි.

පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී කරන්දෙණිය ප්‍රාදේශීය සභාව සඳහා ජාතික ජන බලවේගය පක්ෂයෙන් බොරකන්ද කොට්ඨාශයට තරගකර ජයගත් ඒ මහතා අනතුරුව කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිධූරයට පත්විය.