පොට්ට අමිල අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය 10gක් සහ මත්කරල් 5000ක් සමග පොට්ට අමිල අත්අඩංගුවට

by Staff writer 21-09-2025 | 5:45 PM

COLOMBO(News1st) - සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බව කියන පොට්ට අමිල නැමැත්තා සහ ඔහුගේ සමීපතමයින් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මොරගහහේන පොලීසිය විසින් හොරණ ගෝණපල ප්‍රදේශයේදී ය.

සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය 10gකට අධික ප්‍රමාණයක් සහ මත් කරල් පන්දහසක් පොලිස් භාරයට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, අත්අඩංගුවට ගත් පොට්ට අමිල නැමැත්තා සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන මෝල් කසුන් නැමැත්තාගේ ගෝලයෙකු බවයි.

සැකකරුවන් හෙට හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.