පොහොර ලබාදීම සඳහා නව ක්‍රමවේදය සති දෙකකින්

තේ වගාකරුවන්ට පොහොර ලබාදීම සඳහා නව ක්‍රමවේදය සති දෙකක් ඇතුළත...- අමාත්‍ය සමන්ත විද්‍යාරත්න

by Staff writer 20-09-2025 | 8:30 AM

COLOMBO (News 1st) - තේ වගාකරුවන්ට පොහොර ලබාදීම සඳහා වූ නව ක්‍රමවේදය සති දෙකක් ඇතුළත හඳුන්වාදීමට අපේක්ෂා කරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව පැවසුවේ ය.

ප්‍රමාදයකින් තොරව පොහොර ලබාදීම කෙරෙහි රජය අවධානය යොමු කර ඇති බව අමාත්‍යවරයා එහිදී සඳහන් කරන ලදි.

අමාත්‍යවරයා පැවසුවේ ඒ යටතේ ගොවීන්ට තමන් කැමති ඕනෑම ස්ථානයකින් පොහොර ලබාගත හැකි බවයි.

පොල් නිෂ්පාදනය වැඩිකිරීම හා ප්‍රවර්ධනය කිරීම සම්බන්ධ ගැටලු  පිළිබඳව ද එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණි.

තැඹිලි නිෂ්පාදනය වැඩිකිරීම සඳහා කළුතර ප්‍රදේශයේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බවත් එම වැඩපිලිවෙළ අනෙකුත් ප්‍රදේශවලට ද ව්‍යාප්ත කළ හැකි බවත් අමාත්‍යවරයා  සඳහන් කළේ ය.

තේ සහ රබර් වතුවල අතහැර දැමූ ප්‍රදේශ පුනරුත්ථාපනය කරන ලෙස වතු සමාගම්වලින් ඉල්ලා ඇති බව පැවසු අමාත්‍යවරයා සඳහන් කලේ, ඔවුන් සුදුසු පියවර නොගන්නේ නම්, එවැනි ප්‍රදේශ වගා කටයුතු සඳහා යොදා ගැනීමට තීරණය කරන බවය.