.webp)
COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර සමුළුව අද (20) පැවැත්වේ.
"එකට සිටගමු" යන්න තේමා කර ගනිමින් සංවත්සර සමුළුව අද පෙරවරුවේ පැවැත්වෙන්නේ, ශ්රී ජයවර්ධනපුර කෝට්ටේදීයි.
මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඇතුළු දේශපාලඥයින් රැසක් සහභාගි වනු ඇත.
1946 සැප්තැම්බර් 6 වන දින එක්සත් ජාතික පක්ෂය බිහි වුණේ ය.
එක්සත් ජාතික පක්ෂය යනු මෙරට ජනාධිපතිවරුන් සහ අගමැතිවරුන් ගණනාවක් බිහිකළ ප්රධාන පක්ෂයක් වේ.