පාකිස්ථානය හා සෞදි අරාබිය ආරක්ෂක ගිවිසුමක්...

පාකිස්ථානය හා සෞදි අරාබිය ආරක්ෂක ගිවිසුමක්...

by Staff writer 18-09-2025 | 8:46 AM

COLOMBO (News 1st) - පාකිස්ථානය හා සෞදි අරාබිය, ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබා ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් සහ පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් එම ගිවිසුමට අත්සන් කළ බවයි.

ගිවිසුම අනුව, එක් රටකට ප්‍රහාර එල්ල කළහොත් එය ‍දෙරටටම එරෙහි ආක්‍රමණයක් ලෙස සලකනු ලබයි.

ගිවිසුම අත්සන් කළේ , හමාස් නායකයින් ඉලක්ක කරමින් කටාරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයෙන් දින කිහිපයකින් පසුවයි.

පාකිස්තානය දශක ගණනාවක සිට සෞදි අරාබිය සමග සමීප සබඳතා ගොඩනගා ගෙන තිබිණි.

සෞදි අරාබියේ වාසය කරන පාකිස්ථාන ජාතිකයින් ගණන මිලියන 2.5 ක්.