.webp)
COLOMBO (News 1st) - ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් අද (17) හා හෙට (18) ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වේ.
ඒ විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යුගත ක්‍රියාවලිය නිසි පරිදි සිදු කරන්නැයි ඉල්ලමින්ය.
මේ සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලා සිටියද මෙතෙක් ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ බව විදුලිබල මණ්ඩල නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත මහතා පැවසුවේ ය.
මේ අතර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය යටතේ තම සාමාජිකයින් අමතර රාජකාරිවලින් ඉවත් වන බව ලංකා විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ විධායක සභික ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා පවසයි.