පොලිස්පති ධුරයේ සහ ඇමති ධුරයක වෙනසක්

පොලිස්පති ධුර⁣යේ වැඩබැලීමට ජ්‍යෙෂ්ඨ නි. පොලිස්පති ලලිත් පතිනායක සහ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ධුරයේ වැඩ බැලීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පත් කෙරේ

by Staff writer 16-09-2025 | 3:59 PM

COLOMBO (News1st) - මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ධුරයේ වැඩ බැලීම සදහා නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පත් කර තිබේ.

ඒ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නිල සංචාරයක් සදහා විදෙස්ගත වීම හේතුවෙනි.

පොලිස්පති ධුරයේ වැඩ බැලීම සඳහා පත් කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතායි.