.webp)
COLOMBO (News 1st) - කොළඹ ප්‍රදේශ කිහිපයකට අනිද්දා
(18)
පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව
,
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව පෙරවරු 10.00 සිට පස්වරු 07.00 දක්වා කාලය තුළ කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවල ජල සැලයුම් අත්හිටවනු ඇත.
මෙන්ම බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන,මාදිවෙල, නුගේගොඩ, නාවල, කොලොන්නාව,
IDH,
කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මහරගම, බොරලැස්ගමුව, දෙහිවල, රත්මලාන, මොරටුව යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.
අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය ලබා ගන්නා ප්‍රධාන තුළුමුව පොම්පාගාරයට සැපයෙන විදුලිය අත්හිටුවීම හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරය මඟින් සැපයෙන ජලය අත්හිටු වීමට සිදුව ඇති බව එම මණ්ඩලය සඳහන් කළේ ය.