ශ්‍රී ලංකා ආර්ථිකය 4.9%කින් ඉහළට

මේ වසරේ දෙවැනි කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය 4.9%කින් ඉහළට..

by Staff writer 15-09-2025 | 8:50 PM

COLOMBO (News 1st) -  මේ වසරේ දෙවැනි කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය 4.9%කින් වර්ධනය වී තිබේ.


ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ දත්තවල දැක්වෙන්නේ මේ වසරේ දෙවැනි කාර්තුවේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය, ස්ථාවර මිල ගණන්වලට අනුව,රුපියල් බිලියන 2,883ක් බවයි.

පසුගිය වසරේ දෙවැනි කාර්තුවේ මෙරට දළ දේශීය නිෂ්පදිතය රුපියල් බිලියන 2,749ක් ලෙස සටහන් විය.

මේ වසරේ දෙවැනි කාර්තුවේදී, කෘෂිකාර්මික කටයුතු 2%කින්, කර්මාන්ත කටයුතු 5.8%කින්, සහ සේවා ආර්ථික කටයුතු 3.9%ක වර්ධනයන් වාර්තා කර තිබේ.