ACC ක‍්‍රිකට් තරගයේ ඉන්දු පාකිස්ථානය අතර තරගය අද

2025 ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය අද

by Staff writer 14-09-2025 | 1:50 PM

COLOMBO (News 1st) - 2025 ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය අද(14) පැවැත්වේ.

ආසියානු කුසලාන තරගාවලි ඉතිහාසයේ ඉන්දියාව සහ පාකිස්ථානය හමුවී ඇති අවස්ථා ගණන 19කි.

ඉන් තරග 10ක් ඉන්දියාව ජයගෙන ඇති අතර තරග 6ක් පාකිස්ථානය ජයගෙන තිබේ.

තරග 3ක් තීරණයක් නොමැතිව අවසන් වී තිබේ.

අවසන් වරට පැවති ආසියානු කුසලානයේදී ඉන්දියාව සහ පාකිස්ථානය හමුවූු තරගය පැවැත්වුණේ පල්ලේකැලේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයේදී.


මෙවර ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය රාත‍්‍රී 7 සිට tv1  ඔස්සේ සහ sirasatv.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබට නැරඹිය හැකියි.