.webp)
COLOMBO (News 1st) - ලබන වසර සඳහා වන පාසල් වාර සටහන එළි දක්වා තිබේ.
ඒ අනුව අදියර දෙකකින් යුත් පළමු පාසල් වාරය ආරම්භ වන්නේ ජනවාරි 01 වැනිදායි.
පෙබරවාරි 13 දක්වා පළමු පාසල් වාරයේ පළමු අදියර ක්‍රියාත්මක වෙයි.
අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, පෙබරවාරි 14 වැනිදා සිට මාර්තු 02 වැනිදා දක්වා පාසල්වලට නිවාඩු ලබා දෙන බවයි.
පළමු පාසල් වාරයේ දෙවන අදියර මාර්තු 03 වැනිදා ආරම්භ වන අතර එය අප්‍රේල් 10 දක්වා ක්‍රියාත්මක වෙයි.
සිංහල - දෙමළ අලුත් අවුරුද්ද සඳහා අප්‍රේල් 11 වැනිදා සිට අප්‍රේල් 19 වැනිදා දක්වා පාසල් වලට නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ ය.
අප්‍රේල් 20 වැනිදා ආරම්භ වන දෙවන පාසල් වාරය ආරම්භ වන්නේ ජුලි 24 වැනිදායි.
තුන්වැනි පාසල් වාරය ද අදියර දෙකකින් ක්‍රියාත්මක වෙයි.
පළමු අදියර ජුලි 27 වැනිදා සිට අගෝස්තු 07 වැනිදා දක්වා පැවැත්වෙයි.
අගෝස්තු 08 වැනිදා සිට සැප්තැම්බර් 06 වැනිදා දක්වා පාසල් වලට නිවාඩු ලබා දෙනු ඇති.
තුන්වැනි පාසල් වාරයේ දෙවන අදියර සැප්තැම්බර් 7 සිට දෙසැම්බර් 04 වැනිදා තෙක් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.