.webp)
COLOMBO (News 1st) -
ජීප් රථ දෙකක් ආනයනය කර ව්‍යාජව ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වත්තේගම නගර සභාවේ හිටපු සභාපතිවරයා ඇතුලු දෙදෙනා ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.
ඒ , ඔවුන් තෙල්දෙණිය වැඩබලන මහේස්ත්‍රාත් කුමාරි කරල්ලියද්ද මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශයට ලද තොරතුරක් මත සිදු කල පුළුල් විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ ය.
සැකකරුවන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත වෙනස් කරමින් එම ලියාපදිංචි කිරීම් සිදුකර ඇති බව පොලිසිය ප්‍රකාශ කළේ ය.
අත් අඩගංගුවට ගත් වත්තේගම නගර සභාවේ හිටපු සභාපති ලෙස කටයුතු කල රවීන්ද්‍ර බණ්ඩාර මහතා 2018 වසරේ පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරීපත් විය.
අත් අඩගුවට ගත් අනෙක් සැකකරු හිටපු රාජ්‍ය රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සමග සමීපව කටයුතු කල බව කියන ලක්ෂිත මනෝජ් වීරබාහුයි.