අදත් ප්‍රදේශ රැසකට උණුසුම් කාලගුණයක්

අද දිනයේත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 13-09-2025 | 6:36 AM

COLOMBO (News 1st) -අද දිනයේදී උතුරු, උතුරු මැද හා නැගෙනහිර පළාත්වලත් මොණරාගල හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වැඩි කාලයක් උණුසුමට නිරාවරණය හා ක්‍රියාකාරකම්වල නිරත වීම හේතුවෙන් තෙහෙට්ටු තත්ත්වයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කළේ ය.

තවද විජලනය හා ළවණ ඉවත් වීම නිසා මස්පිඩු පෙරළීම්ද ඇති විය හැකි අතර උණුසුම් කාලගුණයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනු ලබයි.

මේ අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල අද  වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.