ලබන වසරේත් මෙරට සිසුන්ට චීනයෙන් නොමිලේ නිල ඇඳුම්

ලබන වසරේත් මෙරට සිසුන්ට චීනයෙන් නොමිලේ නිල ඇඳුම්

by Staff writer 12-09-2025 | 8:31 AM

COLOMBO (News 1st) - ලබන වසර සඳහාද චීනය මෙරට පාසල් සිසුන්ට නොමිලේ නිල ඇඳුම් රෙදි ලබා දීමට එකග වී තිබේ.

අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, ඊයේ(11) දිනයේදී ඊට අදාළ ගිවිසුමට මෙරට චීන තානාපතිවරයා හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා අත්සන් කළ බවයි.

පාසල් නිල ඇඳුම් සඳහා චීනය වැය කරන මුදල රුපියල් බිලියන 5.17 කි.