ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලාභ ලබයි

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට වසරේ මුල් මාස 06 තුළ රුපියල් බිලියන 18 ක ලාභයක්

by Staff writer 12-09-2025 | 8:35 AM

COLOMBO (News 1st) - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වසරේ මුල් මාස 06 තුළ රුපියල් බිලියන 18 ක ලාභයක් ලබා තිබේ.

එහි කළමණාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා සඳහන් කළේ, එම ලාභයෙන් ඛනිජ තෙල් ක්ෂේත්‍රය සංවර්ධනය සඳහා නව ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කළ බවයි.

ඒ යටතේ මුතුරාජවෙල පර්යන්තයේ සිට කටුනායක ගුවන්තොටුපල දක්වා ගුවන් යානා ඉන්ධන නල මාර්ගයක් ඉදිකිරීමටද පියවර ගන්නා බව ඔහු ප්‍රකාශ කළේ ය.