කෙහෙළියගේ පුත් රමිත රඹුක්වැල්ලට එරෙහිව අධිචෝදනා

කෙහෙළියගේ පුත් රමිත රඹුක්වැල්ලට එරෙහිව අධිචෝදනා

by Staff writer 12-09-2025 | 4:23 PM

 COLOMBO (News1st) - හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත රඹුක්වැල්ලට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අද අධිචෝදනා ගොනු කළේ ය.

කෙහෙළිය රඹුක්වැල්ලගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කරමින් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත්, රුපියල් කෝටි 27කට අධික වටිනාකමකින් යුත් වත්කම් උපයා ගත් බවට 
චෝදනා කරමින් විත්තිකරුට එරෙහිව මෙම අධි චෝදනා ගොනු කර තිබේ.

2022 ජනවාරි 1- 2023 සැප්තැම්බර් 9 දක්වා කාල සීමාව තුළ පෞද්ගලික ලේකම්වරයෙකු වශයෙන් කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් කෝටි 27කට ආසන්න වටිනාකමකින් යුත් 
දේපොළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ ගැනෙන වරදක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබේ.