.webp)
ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ, ශ්‍රී ලංකාව සිය ආර්ථිකය ස්ථාවර කිරීමෙහි ලා කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇති බවයි.
ශ්‍රී ලංකාව ඉතිහාසයේ විශාලතම මූල්‍ය ගැලපුම් වලින් එකක් සිදු කර ඇති බවත්, එය වසර තුනක් තුළ දළ දේශීය නිෂ්පාදිතයෙන් 8% කට ආසන්න ප්‍රමාණයකට සමාන බවත් ඊයේ ප්‍රසිද්ධ කළ ලෝක බැංකු වාර්තාව පෙන්වා දෙයි.
එහි දැක්වෙන්නේ, 1980 සිට ලොව පුරා රටවල් 123 ක සමාන ප්රයත්න 330 කට වඩා සසඳන විට, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ශ්‍රී ලංකාවේ මෙම ගැලපීම තියුණු හා වේගවත් බවයි.
ලෝක බැංකුවේ සාමාජික රටවල් වෙනුවෙන්, සෑම වසර පහකට වරක් පවත්වනු ලබන මූලික විනිශ්චයක් වන මෙම සමාලෝචනයේ නිගමනයක් වන්නේ, සියලු ශ්‍රී ලාංකිකයින්ට රාජ්‍ය මූල්‍ය වඩා හොඳින් ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා, ශ්‍රී ලංකාව සුදුසු ස්ථානයක සිටින බවයි.