COLOMBO (News1st) - අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදා ගන්නා බව කියන ද්‍රව්‍ය සහිත බහාලුම් දෙකක් රේගුවෙන් නිදහස් කළ ආකාරය සම්බන්ධයෙන් සිදු කල පරික්ෂණ වාර්තාව මේ සතිය තුළ ලබා දෙන බව රේගු දෙපාර්තමේන්තුව පවසයි.
රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා සඳහන් කළේ, පරික්ෂණ කටයුතු අවසන් අදියරේ පවතින බවයි.