.webp)
COLOMBO (News 1st) - වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීමේ සිදුවීම් 90 කින් පුද්ගලයින් 49 දෙනෙකු මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ, 49 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
මේ අතර, මිටියාගොඩ මලවැන්න ප්රදේශයේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් කණ්ඩායම් තුනක් විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
පොලීසිය සඳහන් කළේ, සිද්ධියෙන් තුවාල ලබා රෝහල් ගතකල පුද්ගලයාගේ තත්ත්වය බරපතල නොවන බවයි.
මිටියාගොඩ, මලවැන්න ප්රදේශයේ ඊයේ පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලැබුවේ ය.
එලෙස තුවාල ලැබුවේ 29 හැවිරිදි සීනිගම ප්රදේශයේ පදිංචිකරුවෙකි.
වෙඩි තැබීමට පැමිණි සැකකරුවෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර , වෙඩි තැබීමට භාවිත කළ T 56 වර්ගයේ ගිනිඅවිය ද පොලීසිය භාරයට ගෙන තිබේ.