.webp)
ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් අනාගතය වෙනුවෙන් සිරස මාධ්‍ය ජාලය මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙම විකාශන අයිතිය හිමිකර ගැනීමට කටයුතු කරනු ලැබුවේ, එය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට සිදුකරන විශාලතම ආයෝජනයක් ලෙස සලකමිනි.
ඒ අනුව 2025 වර්ෂයේ පැවැත්වෙන පිරිමි පන්දුවාර 20 ආසියානු ක්‍රිකට් තරගාවලිය, වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලිය, පිරිමි සහ කාන්තා නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන 20යි 20 තරගාවලිය පැවැත්වීමට නියමිතයි.
2026 වසරේදී කාන්තා පන්දුවාර 20යි 20 ආසියානු කුසලානය, වයස අවුරුදු 19න් පහළ බාලක කණ්ඩායම් අතර ආසියානු කුසලානය, නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන තරගාවලිය, වයස අවුරුදු 19න් පහළ බාලිකා පන්දුවාර 20යි 20 තරගාවලිය පැවැත්වේ.
2027 වසරේදී පිරිමි පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලිය, වයස අවුරුදු 19න් පහළ පන්දුවාර 20යි 20 තරගාවලිය, කාන්තා නැගී එන කණ්ඩායම් අතර පන්දුවාර 20යි 20 තරගාවලිය පැවැත්වේ.
එලැඹෙන 9 වැනිදා සිට 28 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර්හිදී පැවැත්වෙන ආසියානු කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය හිමිකරගෙන තිබෙන්නේද, සිරස මාධ්‍ය ජාලයයි.