සාමාන්‍ය තොරතතු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් වේ.

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ..

by Staff writer 27-08-2025 | 10:14 AM

COLOMBO (News 1st) - සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.

2023 හා 2024 වසරවලට අදාළව පැවති විභාගයේ ප්‍රතිඵල ඊයේ (26) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ ය.

WWW.DOENETS.LK හා WWW.RESULTS.EXAM.GOV.LK  වෙබ් අඩවි වලට පිවිස එම ප්‍රතිඵල ලබා ගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

රජයේ හා පෞද්ගලික පාසල්වල 12 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් සඳහා මධ්‍යස්ථාන 2692 කදී පැවති සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව  දෙලක්ෂ 35031 ක් වූ අතර පසුගිය මාර්තු මාසයේදී  විභාගය පැවැත්වුණි.