.webp)
COLOMBO (News 1st) - අධිකරණයෙන් ඇප මත මුදා හැරි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව එහි නියෝජ්‍ය අධ්යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.
වික්‍රමසිංහ මහතාට විජලනය තත්ත්වය හේතුවෙන් සිදු වූ සංකූලතා මේ වනවිට මග හැරෙමින් ඇති බව නිවුස් ෆස්ට් කළ විමසීමකදී ඔහු පැවසුවේ ය.
තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ ඔහුට ප්‍රතිකාර කරන බවද වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ප්‍රකාශ කරන ලදි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රෝගාබාධ රැසකින් පෙලෙන බව ඊයේ අධිකරණයේ දී (26) අනාවරණය විය.