රනිල්ගේ නඩුව අධිකරණය හමුවේ යළි කැඳවයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩු විභාගය මේ වන විට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවයි

by Staff writer 26-08-2025 | 3:14 PM

COLOMBO (News 1st) - හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩු විභාගය මේ වන විට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවා තිබේ.

අප අධිකරණ වාර්තාකරු පැවසුවේ, රනිල් වික්‍රමසිංහ මහතා නඩු විභාගය සඳහා සූම් ඔස්සේ අධිකරණයේ පෙනී සිටින බවයි

කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය හමුවේ විභාගයට ගත් නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලබා දීමට විරුද්ධත්වය ප්‍රකාශ කළේ ය.

රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ  ආරාධනා පත කිසිම නෛතික පිලිගැනීමක් නොමැති ලිපියක් බව ද ඔහු අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ය.