අමෙරිකානු ජනපති සහ දකුණු කොරියානු ජනපති අතර හමුවක්

අමෙරිකානු ජනපති සහ දකුණු කොරියානු ජනපති අතර හමුවක් අද

by Staff writer 25-08-2025 | 11:09 AM

COLOMBO (News 1st) -දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුන්ග්, අද(25) අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට නියමිතයව තිබේ.

ධවල මන්දිරයේදී පැවැත්වෙන එම හමුවෙන් අනතුරුව දකුණු කොරියා ජනාධිපතිවරයා වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් ද, පැවැත්වීමට නියමිතයි.

නිල සංචාරයක් සඳහා දකුණු කොරියා ජනාධිපතිවරයා ඊයේ(24) වොෂින්ටන් නුවරට ළඟා විය.

හිටපු ජනාධිපති යුන් සුක් යෝල් පසුගිය ජුනි මාසයේ ධුරයෙන් පහ කිරීමෙන් අනතුරුව ලී ජේ මියුන්ග්, මහජන ඡන්දයෙන් දකුණු කොරියාවේ නව ජනපති ධුරයට පත්විය.

දකුණු කොරියාවේ ආර්ථිකය රඳා පවතින්නේ, අමෙරිකාව මතයි.

ඒ හේතුවෙන් මෙම සාකච්ඡාව, දකුණු කොරියාවේ අනාගතය කෙරෙහි වඩාත් තීරණාත්මක හමුවක් වනු ඇතැයි දේශපාලන විචාරකයින් පවසයි.

දකුණු කොරියාව, කාලයක් තිස්සේ, ට්‍රම්ප්ගේ විවේචනයට බදුන් වූ රටකි.