.webp)
ඔහු පවසා තිබුණේ, එම සාම ගිවිසුමේ ප්‍රගතියක් නොවීම හේතුවෙන් තමා දැඩි කණගාටුවට පත්ව ඇති බවයි.
මේ අතර යුක්‍රේනයේ අමෙරිකානු කර්මාන්ත ශාලාවකට රුසියාව එල්ල කළ ප්‍රහාරය පිළිබඳ තමා අසතුටින් සිටින බවත් එමඟින් එහි සිටි සේවකයින් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බවත් අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ ය.
මේ අතර යුක්‍රේන රුසියානු සාම සාකච්ඡා සඳහා රුසියාව උනන්දුවක් නොදක්වන්නේ නම් රුසියාවට නව සම්බාධක පනවන ලෙස යුක්රේන ජනපති වොලොදිමියර් සෙලෙන්ස්කි සිය මිත්‍ර රටවලින් ඉල්ලා තිබුණි.
ඔහු පවසන්නේ රුසියාවට අවශ්‍ය ,දෙරටේ ජනපතිවරුන් අතර හමුව නැවැත්වීමට බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පවසා තිබුණේ දෙරට අතර සිදුවීමට නියමිත හමුවේදී සාකච්ඡා කරන මාතෘකා හෝ ඉලක්ක තවමත් ඉදිරිපත් වී නොමැති බවයි.
එවැනි මාතෘකා හෝ ඉලක්ක නිළ වශයෙන් ඉදිරිපත් වූ විට සිය රට සාකච්ඡාවකට සූදානම් බව ඔහු පවසා තිබේ.