හිටපු පොලිස්පති දේශබන්දු රිමාන්ඩ්...

by Staff writer 21-08-2025 | 4:10 PM

COLOMBO (News 1st) - හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අගෝස්තු 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය.

ගාලුමුවදොර ජන අරගලයට පහරදීමේ සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම් කර සිටින ඔහු මිරිහාන නිවසේදී අත්අඩංගුවට ගැනුණේ, ඊයේ (20) පස්වරුවේයී.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරී කණ්ඩායමක් විසිනි.

දේශබන්දු තෙන්නකෝන් මහතා අපේක්ෂිත ඇප අයැදුම්පතක් ඉදිරිපත් කළ ද, එය ප්‍රතික්ෂේප විය.