ජලාශයක සහ මුහුදේ ගිලි දෙදෙනෙකු අතුරුදන්

බෝවතැන්න ජලාශයේ සහ අහංගම මුහුදේ ගිලි දෙදෙනෙකු අතුරුදන්.

by Staff writer 21-08-2025 | 11:45 AM

COLOMBO (News 1st) - ‍ නාඋල බෝවතැන්න ජලාශයේ ගිලි පුද්ගලයෙකු අතුරුදන්වී තිබේ.

පොලීසිය සඳහන් කළේ, 27 හැවිදිරි බිබිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් එලෙස අතුරුදන්වී ඇති බවයි.

ඔහු තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ ඊයේ(20) පස්වරුවේ බෝවතැන්න ජලාශයේ දිය නාමින් සිටියදි දියේ ගිලී තිබේ.

මේ අතර අහංගම මුහුදේ ගිලී තරුණයෙකු අතුරුදන්වී තිබේ.

ඔහු තවත් පුද්ගලයෙකු සමඟ මුහුදේ දිය නාමින් සිටියදී දිය වලකට හසුව ගසා ගෙන ගොස් ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය.