හිටපු ඇමති රාජිතට නොතීසි..

ලබන 29 වැනිදා අධිකරණයේ පෙනී සිටින්න,හිටපු ඇමති රාජිතට නොතීසි...

by Staff writer 20-08-2025 | 4:58 PM

COLOMBO (News 1st) -  වරෙන්තු ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ලබන 29 දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා, අද (20) නොතීසි නිකුත් කළේ ය.

ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසිනි.

අල්ලස් කොමිසම විසින් මෝසමක් ගොනු කරමින්  කළ කරුණු දැක්වීම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය අපරාධ නඩු විධාන සංග්‍රහයේ 60 (1) වගන්තිය ප්‍රකාරව සැකකාර හිටපු අමාත්‍යවරයාට නොතීසි නිකුත් කළේ ය.