සැහැල්ලු යානයක් හදිස්සියේ ගොඩබස්වයි

සැහැල්ලු ගුවන් යානයක් ඕස්ට්‍රේලියාවේ ගොල්ෆ් පිටියකට හදිස්සියේ ගොඩබස්වයි

by Staff writer 18-08-2025 | 12:04 PM

COLOMBO (News 1st) - ඕස්ට්‍රේලියාවේ, සිඩ්නිහී ගොල්ෆ් පිටියකට සැහැල්ලු ගුවන් යානයක් ඊයේ(17) හදිසි ගොඩබෑමක් සිදුකර තිබේ.

Piper Cherokee වර්ගයට අයත් සැහැල්ලු  ගුවන් යානය හදිසියේ ගොබස්වා තිබෙන්නේ පුහුණුවීමක් අතරතුරදීය.

එම අවස්ථාවේ යානයේ සිට තිබෙන්නේ ගුවන් නියමු උපදේශකයෙකු සහ ශිෂ්‍ය ගුවන් නියමුවා පමණක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සුළු තුවාල ලැබූ මොවුන් දෙදෙනා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර හදිසි ගොඩබෑමට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.