.webp)
ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරන්නේ මෙවර නිලවරණයේ අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීම සම්බන්දයෙන් ඉදිරිපත් කර ඇති අභියාචනය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.
මලල ක්‍රීඩා සංගමයේ වත්මන් ලේකම්වරයාට, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මේ පිළිබඳව ලිපියක් මගින් දැනුම් දී ඇත.
එම ලිපියේ සඳහන් ආකාරයට 2025 ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිල වරණය පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙනු ඇතියි.
2025 ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ මහා සභා රැස්වීම සහ නිලවරණය හෙට (18) කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතව තිබිණි.