පොලිස් නිලධාරීන් 58කගේ සේවය අත්හිටුවයි

මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි හේතුවෙන් පොලිස් නිලධාරීන් 58 දෙනෙකුගේ සේවය අත්හිටුවයි -මහජන ආරක්ෂක ඇමති

by Staff writer 11-08-2025 | 7:28 AM

 COLOMBO (News 1st) -මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි හේතුවෙන් පොලිස් නිලධාරීන් 58 දෙනෙකුගේ සේවය අත්හිටුවා ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

අමාත්‍යවරයා ඒ බව පැවසුවේ, ඌව පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැති වැඩසටහනකදී ය.