සහස්පුර වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තවත් අයෙක් මරුට..

බොරැල්ල, සහස්පුර වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තවත් අයෙක් මරුට..

by Staff writer 11-08-2025 | 7:23 AM

COLOMBO (News 1st) - බොරැල්ල, සහස්පුර වෙඩි තැබීමෙන් තුවාල ලබා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් අයෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, සහස්පුර පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මියගොස් ඇති බවයි.

ක්‍රිකට් තරගයක් සඳහා තරුණයින් පිරිසක් පුහුණුවීම් සිදුකරන අතරතුර පසුගිය 7 වැනිදා රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් තවත් 23 හැවිරිදි තරුණයෙකු මිය ගියේ ය.

තුවාල ලැබූ සංඛ්‍යාව 4 කි.

තුවාලකරුවන් මේ වන විට ප්‍රතිකාර ලබන්නේ කොළඹ ජාතික රෝහලේයි.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබිම සිදුකර පළාගොස් තිබුණි.

ඊට ආධාර අනුබල දුන් සහස්පුර පදිංචි 33 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.